ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, August 25, 2011

එපා මට නුඹේ හීන!


පාළු හිස් අහස මත
පායලා දිදුළන්න
නොආවත් සරා සඳ
කම්නැතේ  මගේ හිතට

නිසරු හද තලාවට
නිල්ල දී පැහැබරව
නොවැතුනත් මහා වැස්ස
කමක් නෑ මගේ හිතට

ළඟ  නැතුව අවපසට
පායන්න පුරපසට
එපා මට නුඹේ හීන
මෙ තනිය හුරුය මට.....

No comments:

Post a Comment