ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Monday, August 22, 2011

දුර ....,

ළඟපාත ගැවසෙද්දී
නෙතු මානයේ ඉද්දී
දුර ඈත නෙතු සැලුවා
රිදවන්න හිත මාගේ

ළඟ ඉදන් හිනැහෙද්දී
නෙතු මගේ මඟහැරුවා
දොඩමළුව මිතුරන් හා
මදෙස නොබලම උන්නා

මෑත නුඹ ඇවිදිද්දී
පේන දුර නුඹ ඉද්දී
දෙසිත දුර වග දැනුනා
මතකයන් හද රිදවා

ළඟපාත නොදකිද්දී
නෙතු මානේ නොපෙනෙද්දී
සිතින් කෙතරම් ළඟදෝ
දැනුනේ ඔබ දුර ඉද්දී

No comments:

Post a Comment