ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Tuesday, June 12, 2012

නුඹේ සිනහව


නෙතු ගැටෙද්දී
ඈ,
හිරු කිරණ වැටෙන
නිමේෂයෙන් බොදව යන
සීතලම සීතල උදෑසන
හිරු මල
විකසිතවන්නට පෙර
නිල දිය මත දිළෙන
නෙළුම් පතක රැදි
පුංචිම පුංචි
පිනි බිංදුවක් මැයි
නුඹේ සිනහව........

හීන....


ඇරඹුමට පෙර
නිමාවක් දැක
සිනාසෙන්නට ඉඟිමරන්
පෙරුම් පුරමින්
පෙම් කළේ ඈ
මුළු හදින්,
රැයෙහි සුන්දර සිහිනෙකී...
නෙතු කෙවෙනි තුළ
සැරිසරන්
සක්මනින් නික්මෙනින්
පාළු අදුරේම
රැය නිවී
පුර හදට හිමි
රැයම වී
තරු මඬුලු සැම
රොක් වෙවී
ගෙවූ කාලය සැඟවුනී
කාලයයි මේ උදා වූ
අත්මිදෙමි ඒ සිහිනෙකී...!

හිනාවෙන්න....


කෑගහල අඩනකොට
හිතේ දුක හේදෙනවා හොදටෝම

කෑගහල හිනාවෙන්නේ
හෝදලා යවන්න බැරි තරමටම
හිතේ දුක වැඩි හින්දා

කෑගහල අඬන්න බැරිකමට
කෑගහල හිනාවෙන කොට
අඬවන්න එපා මාව.............

කවි පොතක්...!


එකම එක හීනෙකින්
හිත පිරිලා තියෙන්නේ
එළිදකින්නත් බැරිමමත් නෑ.
ලොකුම ලොකු කන්දක්
නැගලා බහිනවා වගේ තමයි.
පල්ලම ලේසියෙන් බැහැතෑකි

ඒත්,
කන්ද කොහොම නගින්නද
දැන්නම් හිතේ හයියත්
ටිකෙන් ටික අඩුවෙනවා
අහපු දේවල් හින්දා
කොහොම වියදම් කරන්නද මන්ද
වියදම් කරන හරි
ගස් වලින් කඩන්නද...

හීන නොදකිනවා නම් හොදයි.

පුදුම වියදමක් නේ
හකුලලා පැත්තකට කරලාවත් තියනවා,
හිතේ කොහේහරි මුල්ලක
දැනට....
පුළුවන් දවසක උප්පද්දවන්න......



Marketing…


අහෝ..! වින්ද දුක් ගොන්න!
මෝදු වී රහසේම - හිත පුර එළිය කර
උපන් නවඹු සිතුවිල්ල - කෝඩුකාරයි තාම
මෙවන් හිත් ප්‍රේමයට,
කුළුදුලේ උපදවා - සොඳුරු සිතිවිලි ගොන්න
සඟවමින් හිත පතුලේ - සීරුවෙන් පරිස්සමට.

අහෝ...! ඉරණම!
සියල්ලම විකිණෙනා - කඩපිලේ නෙක විරූ
වටින්නැති මිලක් නැති - කවියෙක්ක්ගේ හිත් පතුළේ
බොහෝ කාලයක් පුරා - නේක දුක්ගැහැට විද
කුළුදුලේ මැයි උපන් - ප්‍රේමයේ සිතුවිල්ල......

Sunday, June 10, 2012

හිස් වූ හිත් අහසට....



හිත හිරකර බැදි යමින් බැරි හිත නවතන්නට
ගව් ගණන් දුරක් සැරිසරන්න පුළුවනි රහසෙම
නොදන්න සේ ලෙන්ගතුකම සඟවාගෙන මම
කල්පයක්ම මේ බල ඉන්නේ සසර පුරුද්දට

හිරු සඳ තනි රකින තරුව මඟ විමසන කල
නිහඬව නොකියා කිසිවක් අමනාපව ඉන්නට
පුලුවන්නම් බොහෝ කලක් සැඟවී ඉන්නට
කවදාකම හෝ පායාපන් මගේ හිත් අහසට



වස්සානේ ......,


හිතපුරා තවරලා
ආදරේ සොඳුරු බව.

තනි නොකර ළඟින් හිඳ
මසිත නැවතෙනා තැන් වල.

මගේ හීන වලට තටු දී නුඹ
පියඹා යන්නට.

මල් බරවූ වසත් සමය
නුඹයි මගේ ලොවට...!