ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, August 28, 2011

සතුට රැගෙන යළි වඩින්න....!


සතුට රැගෙන
යළි වඩින්න
නොගිය මඟක
එක්ව යන්න
එක්වතාවක් හෝ
විදගන්නට
සිනා පොදක්
සිනාසෙන්න  තව සැරයක්
සතුට රැගෙන යළි වඩින්න.......!


මහද...,

ගෙන යන්න මගේ සිත
ගිම්හානයෙන් මුදවලා
නොනැවතී වස්‌සනේ
යළි දිනක එන නිසා
තෙමෙන්නට ඉඩ නොදී
වියලි සිත සඟවලා
වැටෙන වැහි ස්නේහයෙන්
නිසරු බිම් සරු කලා
වෙර දැරූ පූදින්න
කුළුදුලේ නොයිදුල්ව
එහෙව් නුඹ පීදුනේ
නිසරු හද තලාවක....


Friday, August 26, 2011

ආදරය ළඟ ඉන්න...!

හිනැහෙන්න ඉඩ දෙන්න
තනි තරුව ළඟ ඉන්න
කිසිදාක බොඳ  නොවන
හීනයට ඉඩ දෙන්න

සඳ මඬල පූදින්න
තනි තරුව දිදුළන්න
හිතගාව දැවටෙමින්
ආදරය විදගන්න

හිත් පෙළන දුක් ගීය
හිත් අතැර දුර යන්න
හිත් පුරා විද ගන්න
ආදරය ළඟ ඉන්න...!



දේවතා එළිය නුඹ...

සිත පුර එකළු කර
කල්පයක් තනි රකින
හීනයක්‌ තිළිණ කර
මොහොතකින් මැකී ගිය
දේවතා  එළිය  නුඹ...

හිස් අහස ඉඩ නොලද
සීතලෙන් ඉකිබිදින
පණ ගැහෙන තනි තරුව
හදිසියේම මුණගැසුණු
දේවතා එළි ය නුඹ...
හිරු මඬල නොවුනේ කිම
හැමදාම ළඟ ඉන්න...

ඈ ගිය පසු,


නොමැකෙන සිනාවක් වෙලා ඉන්නට
ජීවිතේ පුර පැතුවද
නෙතු කෙවෙනි තෙමා සරසන
කඳුළු දුන් හැටී...

කල්පයක් තරම් හීනෙක
මොහොතකින් නිම වූ කව
දුකම ඉතිර කර මතකෙට
නුඹම ගිය හැටි...

නැගි මුවඟ සිනා රැල්ලට 
නෙතු සැලූ කොල බැල්මට
මිදෙන්නට බැරිව විදවන
කවිය වූ හැටී...




හෙටක් ඇති නිසා...!


විදගත්තු ජීවිතය විදවන්න උරුම කර
නැගි මුවග සිනාවට කදුළු කැට ඉතිර කර
නික්මිණ ස්නේහය මට මසිත අහිම කර
දුකක් නෑ තවත් මට, එපා නම මා නුඹට...

යනවනම් ඉඩහරිමි, අතැර මා දුර යන්න
හිතන නෑ තව තවත්, විදවමින් ජීවිතය
නොනවතින්නෙමි මමත්, යන ගමන අතර මඟ
යන්නෙමිය මගේ ගමන, දුකම හයියක් කරන්...

මොහොතකට නැවතුනත් යන ගමන නුඹ නිසා
තවත් නම නොනවතිනි, මට පමා වන නිසා
මතකයට සොඳුරු තැන් තිලිණ කර දුන් නිසා
කඳුළු පිස සිනහවෙමි, මට හෙටක් ඇති නිසා...!