ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, September 14, 2011

සරසවිය.............

බිහිදොරය
සරසවිය
විශ්වයට මඟ කියන

නැණ නුවණ
හද මඬල
පරිණතවූ පරපුරක.





Friday, September 9, 2011

ගීතයක්ම විය.


දුක හිතෙන කවිය නුඹ
මගේ නමට පවරලා
ඉකිගසන හිත ගාව
තනිය ළඟ රන්දලා
හීනයක්‌ සේ නුඹයි
සැරිසැරූ සිත පුරා...

ඇද වැටුණු කඳුළු වැහි
ඔබේ නමට පවරලා
තිලිණ දුන් දුක් ගීය
බොඳ වෙලා යනු බලා
විසිරගිය පද පේළි
එකිනෙකට ගැලපුවා...

මධුරධර ස්වර සතට
පද පේළි එක්වෙලා
මිහිරි යැයි නුඹ කියූ
හඩ මගේ මුසු වූණා...



Saturday, September 3, 2011

පායාවි සර සඳ........

අදුර දෝතින් විදා
ක්‍ෂිතිජ ඉම මායිමේ
සගවා ගිය හිරු මලින්
අවසනට මුල පුරයි
උදා වූ අද දවස.
දින ගණන් ගතවෙද්දී
හිරු නැගී බැසයද්දී
ඉගිළ ගිය කාලයට
වහල් වී ඉකි ගසන
හුදකලා වූ මහද
සීතලෙන් මියැදෙද්දී
නික්ම ගිය සර සඳ
පායාවිදෝ දිනෙක......


රන් කිරණ

මද හසිනි හිනැහෙන නෙත් නුඹේ
සඟවලා රහසක් හදේ
හුදකලා සද මංසලේ
මඟ බලන නිසසල හදේ
පෝය දා නැතුවා වගේ
අව අටවකට නැගුනා වගේ
රැස් දහර මැකිලා දෝ ගියේ
කළුවර ඇදෙද්දී මංසලේ
නිසල වූ හැඩ තලාවේ
රන් කිරණ මැකුනි ද ජීවිතේ
යන ගමන නැවතුණි දෝ සිතේ.... 


අ-හිමි අපි…

මගේ ආදර කවි සිත ළඟ
නුඹ ලියනා කවි පද සැම
කියවා රසවත් වන දන
හදුනාගත්තොත් මගේ සිත
මට මගේ සිත අහිමි වේද
….


නුඹේ ආදරය......

මඟ හැරී වසන්තය
බොහෝ කලකට පසුව
හැදිනගතිමි මම
වියළි හදකට වැටුණු
පිනි බිංදුවක් වග
නුඹේ ආදරය......