ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Monday, August 22, 2011


යනු පිණිස මගේ ගමන
කිරණ විය මා වෙතට
ලැබූ පසු මා ජය උරුම
නුඹට වැරදුනි ජීවන ගමන

නුඹේ හිත පුරවා උන්නු
හීන වල රජවූ අරුම
මගේ සිත පුරවා ගත්තු
හීන වල නුඹ නැති අරුම

දිනන විට මා ලෝකයම
මුළු ලොවම රැදී සිටියා
පරාජය දුටු ජීවිතය
උන්නේ නුඹ පමණයි ළඟම

නුඹ නිසා දිනු ජීවිතය
නුඹව දිනවන්නට බැරිව
අසරණව ගොළු වූ පෙමක
කෑලී කැඩි ඉහිරුණු දෙසිත


No comments:

Post a Comment