ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, August 20, 2011

හෙට දවස…….


හිනැහෙන්න ඉඩ දෙන්න
තනිකමට ළඟ ඉන්න
හිත් පුරා උතුරනා
සෙනෙහසේ කිමිදෙන්න

හීනයේ සරසන්න
ආදරේ විදගන්න
මතකයේ සුවද රැදි
සුසුම් පොද සැනසෙන්න

පැතුම් පොදි නොමැකෙන්න
සිනා මල් පූදින්න
මගේ සිත සනසනා
හෙට දවස ඔබ වෙන්න


2 comments: