ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, August 21, 2011

හීන වැස්ස.


ගීතයක් සේම විය
මෙතෙක් නොගැයූ මෙමා
අරුත සුන් පද පෙළක්
ඉතිරි කර ගිය නිසා
මධුරධර ස්වර සතෙන්
අමිහිරිම තනු මවා
මිහිරි යැයි මා සිතු
නුබේ හඬ ගොළු වෙලා

පිණි බින්දු මැකෙන ලෙස
අපේ සිත් වෙන් වුණා
ලෙන්ගතු වූ අප ඇසුර
හීනයක සිරවෙලා

අදත් අප එතැනමයි
සවන්පත් සනසනා
අපේ සිත් රවටමින්
හීන වැස්සක් වෙලා

No comments:

Post a Comment