නොසිතුව මොහොතක නැවතී
මගේ හිත පාමුල
නොදන්න තාලෙට දුන්නයි
සෙනෙහස රහසෙම
මටත් හොර නුඹ මගේ සිත
පවරා ගත්තම
මම නවතින්නම් නුඹේ හිතේ
නොමැකෙන තාලෙට
සඟවන්න එපා මේ සෙනෙහස
නොපෙනෙන ගැඹුරක
මල් පෙති සේ මෘදු සිත
නොතලන් නපුරුම තාලෙට
ගෙත්තම් කළ කව් පද
කිසිදින වෙන නොකරන්නට
කිසිදිනක එපා මා හැරදා
ඉගිළී යන්නට
සිත පුරා සැරිසැරූ
සැමරුම් බොඳ නොවෙන තුරා
නෙතු පුරා දඟ කෙරූ රූ සර
නොමැකෙනා තුරා
නුඹ මගේ වෙලා සසර පුරා
සැරිසරන තුරා
අපි අපේම වී සැමදා සිත්
සැනසෙනා නිසා
No comments:
Post a Comment