ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, September 1, 2011

සොදුරු සෙනෙහස.

හමුනොවන්නට නොදැක ඉන්නට
සිතා වුන්නත් නොසිතා ඉන්නට
අකීකරු වී දෑස දසතම
සැරිසරයි  ඔබ රුව දකින්නට...

ගීතයක් සේ සොඳුරු සෙනෙහස
දොර ගලමින් හිත් පුරාවට
ළංව හිදිමින් දෑත් පටලා
සිනසුණු දින ගෙවුණු ඉක්මන...

එක්ව ආමග වෙන්ව ගිය සද
නුඹේ මතකය සිතේ ගුලි කොට
දෑත් අතහැර තනිව ගිය කල
සොදුරු ස්නේහය නික්මුණිය අද...


No comments:

Post a Comment