ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Monday, August 22, 2011

ඈ


යනු පිණිස මගේ ගමන
කිරණ විය මා වෙතට
ලැබූ පසු මා ජය උරුම
නුඹට වැරදුනි ජීවන ගමන

නුඹේ හිත පුරවා උන්නු
හීන වල රජවූ අරුම
මගේ සිත පුරවා ගත්තු
හීන වල නුඹ නැති අරුම

දිනන විට මා ලෝකයම
මුළු ලොවම රැදී සිටියා
පරාජය දුටු ජීවිතය
උන්නේ නුඹ පමණයි ළඟම

නුඹ නිසා දිනු ජීවිතය
නුඹව දිනවන්නට බැරිව
අසරණව ගොළු වූ පෙමක
කෑලී කැඩි ඉහිරුණු දෙසිත


No comments:

Post a Comment