මේ මට හැගෙන, දැනෙන, දකින, අත්විදින දේවල් විතරයි...............!
ආයුබෝවන්...!
ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....
Monday, June 17, 2013
Sunday, June 16, 2013
Tuesday, June 12, 2012
නුඹේ සිනහව
නෙතු ගැටෙද්දී
හිරු කිරණ වැටෙන
නිමේෂයෙන් බොදව යන
සීතලම සීතල උදෑසන
හිරු මල
විකසිතවන්නට පෙර
නිල දිය මත දිළෙන
නෙළුම් පතක රැදි
පුංචිම පුංචි
පිනි බිංදුවක් මැයි
නුඹේ සිනහව........
හීන....
ඇරඹුමට පෙර
නිමාවක් දැක
සිනාසෙන්නට ඉඟිමරන්
පෙරුම් පුරමින්
පෙම් කළේ ඈ
මුළු හදින්,
රැයෙහි සුන්දර
සිහිනෙකී...
නෙතු කෙවෙනි තුළ
සැරිසරන්
සක්මනින් නික්මෙනින්
පාළු අදුරේම
රැය නිවී
පුර හදට හිමි
රැයම වී
තරු මඬුලු සැම
රොක් වෙවී
ගෙවූ කාලය සැඟවුනී
කාලයයි මේ උදා වූ
අත්මිදෙමි ඒ සිහිනෙකී...!
හිනාවෙන්න....
කෑගහල අඩනකොට
හිතේ දුක හේදෙනවා හොදටෝම
කෑගහල හිනාවෙන්නේ
හෝදලා යවන්න බැරි තරමටම
හිතේ දුක වැඩි හින්දා
කෑගහල අඬන්න බැරිකමට
කෑගහල හිනාවෙන කොට
අඬවන්න එපා මාව.............
කෑගහල හිනාවෙන්නේ
හෝදලා යවන්න බැරි තරමටම
හිතේ දුක වැඩි හින්දා
කෑගහල අඬන්න බැරිකමට
කෑගහල හිනාවෙන කොට
අඬවන්න එපා මාව.............
කවි පොතක්...!
එකම එක හීනෙකින්
හිත පිරිලා තියෙන්නේ
එළිදකින්නත් බැරිමමත්
නෑ.
ලොකුම ලොකු කන්දක්
නැගලා බහිනවා වගේ තමයි.
පල්ලම ලේසියෙන් බැහැතෑකි
ඒත්,
කන්ද කොහොම නගින්නද
දැන්නම් හිතේ හයියත්
ටිකෙන් ටික අඩුවෙනවා
අහපු දේවල් හින්දා
කොහොම වියදම් කරන්නද
මන්ද
වියදම් කරන හරි
ගස් වලින් කඩන්නද...
හීන නොදකිනවා නම් හොදයි.
පුදුම වියදමක් නේ
හකුලලා පැත්තකට කරලාවත්
තියනවා,
හිතේ කොහේහරි මුල්ලක
දැනට....
පුළුවන් දවසක
උප්පද්දවන්න......
Subscribe to:
Posts (Atom)






















